උතුරේ ලොකු ඇමැති තැන ලොකු වැඩක් කරන්න ගිහිල්ලා පොඩි චකබ්ලාස්වීමක් සිද්ධ වුණා කියල ආරංචියි.
පසුගියදා මේ රටට ආව මැලේ රටේ ලොකු මහත්තයට උතුරට එන්න කියලලු එයා ආරාධනා කරලා තියෙන්නෙ. කොළඹ මහ ආණ්ඩුවේ විදේශ කන්තෝරුවේ අය නොදැන මේ විදිහට කරපු පුදුම සහගත ඉල්ලීම ගැන මැලේ ආණ්ඩුව ලංකා ආණ්ඩුවට දන්වලලු. කොහොමහරි මැලේ ලොකු මහත්තයා උතුරට ගෙනිහිල්ලා උන්නැහේට උතුරේ අඩුපාඩු පෙන්නන්න වලිකෑව මහ ඇමැති තැනට ඕනනම් කොළඹදී එතුමා හමුවෙන්න කියලා අවස්ථාව දීලා.
ඒ අනුව යාපනේ ඉඳලා කොළඹ ආපු මහ ඇමති විග් කොළඹදී මැලේ ලොක්කා හම්බවුණු බවයි ආරංචි.