ළඟදි දවසක රාත්‍රි කාලෙ ගාලු මුවදොර පැත්තට වේගෙන් ආපු ලොරියක් පෝර්ට් සිටිය හදන තැන නැවැත්තුවලු.
ලොරියෙන් බැහැගත්ත කිහිපදෙනෙක් පෝර්ට් සිටිය හදන්න තියාපු මුල්ගලත් ගලවල ලොරියක දාගෙන එකපාරටම අන්තරස්දාන වුණා කියලා ආරංචියි...
හැබැයි මේ සිද්ධිය ඈත ඉඳන් වීඩියෝ කරපු පොරක් ඒක මුහුණුපොතට දාල තිබුණා...
අන්තිමේදි ඒ ගැන තොරතුරු සොයන්න ආණ්ඩුවෙ වගේම විපක්ෂයේ කෙරුම්කාරයොත් සෑහෙන්න උනන්දු වුණ බව ආරංචියි...
කාරණා කාරණා සොයාගෙන යනකොට දැනගන්න ලැබුණ එහෙම ගලවගෙන ගිය මුල්ගලේ සඳහන් වුණේ මේ ව්‍යාපෘතියට හිටපු ලොකු තැනත් චීන රටේ ලොකු මහත්තයත් මුල්ගල තැබූ බවයි...
උන්නැහේල පෝර්ට් සිටිය අරඹමින් තිබූ මුල්ගලේ උන්නැහේලගෙ නමුත් කොටලා තිබිලා... ඉතින් ඒක වහ වෙච්ච කවුරුහරි මේ කටයුත්ත කරන්න ඇති කියල දේශපාලන අංශවල කතාබහක් ඇතිවුණා. අන්තිමේදි පැතිරුණ ආරංචියකින් කියැවුණේ ඒක ඉන්දියන් සාගරයට තෑගි දුන්නය කියලයි...