ජනවාරි දෙවැනි සුමානෙ කරණම් සතිය කියල සමහර දේසපාලුතුමාල හඳුන්වන්න පටන් අරන්... ඒකට හේතුව කරණමක් ගහල තමන්ගෙ දේශපාලන ඉරණම වෙනස් කරගන්න කට්ටියක් ට්‍රයි කරන නිසා. පසුගියදා ඡන්ද දිනේ ටක්කෙටම කියපු රජරට හැරිසන් උන්නැහෙත් ජනවාරි දෙවැනි සතියෙ දේශපාලන කරණම් කිහිපයක් සිද්ධවෙන බව කියලා තිබුණ...
කොහොම හරි... මේ දවස්වල වැඩිපුර කතා කරන අයටත් වඩා නිහඬව සද්දෙ වහල ඉන්න අය ගැන තමයි වැඩි අවධානෙන් ඉන්න ඕන කියල කාරණා කාරණා දන්න අය කියනවා...
අත පාටියෙ මේ විදියට සද්දෙ වහපු තුන්දෙනෙක් ඉන්නවලු. මේ තුන්දෙනා කොළඹ මධ්‍යම - වයඹ පැතිවල කස්ටිය කියලා ආරංචියි. එයාලා නිහඬව ඉන්නෙ වෙලාව එනකම් කියලා ආරංචියි...
මේ අය වැඩිදෙනා ලංස උන්නැහේ ගිය පාරෙ යන්න පුළුවන්ලු... මෙයින් එක්කෙනෙක් ලොකු ඇමැති සයිස් උන්නැහේ කෙනෙක්ලු... අනෙක් එක්කෙනෙක් රාජ්‍ය මට්ටමේ. අනෙක් එක්කෙනා උප මට්ටමේ...
එයාලට ඒකාබද්දෙන් වගේම අලි පාටියෙනුත් ආරාධනා තියන බව කියනව. ඉතින් කරණම් සුමානෙ යමක් වෙන්න පුළුවන්ලු.