2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

පංචායුදට එරෙහි ආයුධයක්

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 566

රටේ ලොකු මහත්තයා පසුගියදාක කඩුවෙල පැත්තෙ පක්ෂ රැස්වීමකට ගියා. ඒක සංවිධානය කළේ පළාතෙන් ඡන්දෙට ඇවිත් ඉන්න අපේක්ෂකයො වෙනුවෙන් ආණ්ඩුවෙ ලොකු ඇමැති කෙනෙක්ලු.

සාමාන්‍යයෙන් තමන්ගෙ පළාතෙ රැස්වීමකට පක්ෂයෙ හරි රටේ හරි ලොකු මහත්තයෙක් ආවම උන්නැහේ පිළිගන්නෙ පළාතෙම ප්‍රභූවරු. ඒ වුණාට කඩුවෙලදි සිද්ධවුණේ අමුතු වැඩක්. පළාතෙ ඇමැතිතුමා විසින් තෝරාගත්ත විදියට පක්ෂයෙ ලොකු මහත්තය පිළිගන්න බුලත් අතත් අරන් ආවෙ ළඟදි පංචායුදෙන් අතට පැනපු වීර-කුමාරයෙක් කියලා ආරංචියි. මේ කුමාර උන්නැහේ පිළිගැනීමට තෝරාගත්තෙ උන්නැහේගෙ පක්ෂ නායක පංචායුදත් කඩුවෙල නගරෙ මහ පුටුවෙ හිටපු දාස උන්නැහෙත් අතර පවතින රණ්ඩුවක් නිසා පංචායුද ලොක්ක ඔරොප්පු කරන්න හිතාගෙනලු.

ඒ වුණාට දාස උන්නැහේට බුලත් අත දීල පිළිගන්න තිබුණ අවස්ථාව නැතිවීම ගැන එයා සතුටු වුණේ නැතිලු. කොටින්ම කිව්වොත් මේක කරපු ඇමැති තැනත් එක්ක දාස උන්නැහේට මල පැන්නලු... ඊටපස්සෙ වේදිකාව පිටිපස්සෙ ඉඳගෙන ලොකු බරබරයකුත් දැම්මලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00