පොහොට්ටුවෙ මංගල මීටිම පසුගියදාක සුගතදාසෙ තිබුණා. ඒකට සෑහෙන සෙනගකුත් පැමිණිලා හිටියා... ඉතින් මේ මීටිමේදි පොහොට්ටුව එක්ක වැඩකරන පක්ෂවල නායක කාරකාදීන් රටට හඳුන්වාදීමේ විශේෂ අවස්ථාවක් සැට් කරල තිබ්බ කියමුකෝ.
ඉතින් එක එක් කෙනාගෙ නම් කිය කියා උන්නැහේලා හඳුන්වනකොට සභාවෙන් මහ හඬින් අත්පොළසන් ඔල්වරසන් හඬ මතුවුණා. පංචායුධට වගේම උදයටත් සෑහෙන ප්‍රතිචාර ලැබුණලු... ලොකුම සද්දෙ ආවෙ හිටපු ලොකු තැනටයි.
ඒත් ඒකාබද්දෙ තවත් එක්තරා ජ්‍යෙෂ්ඨම කෙනෙක්ගෙ නම කියනකොට සභාව එකපාරටම නිහඬවෙලා ගල් වුණාලු... එයාට සභාවෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබීම පොහොට්ටු මීටිමේ විශේෂම කෑල්ල බවයි එතන හිටපු අය කියන්නෙ...
ඒකාබද්දෙ ජ්‍යෙෂ්ඨම පට්ටමකුත් තියන නාමයෝජනා හුටපටේකුත් ඇති වුණ මේ පක්ෂ නායකයා තමන් ලැබුණ නිහඬ ප්‍රතිචාරය නිසා සෑහෙන්න මුසුප්පු වුණා කියලයි ආරංචි.