2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ආරංචිය බොරුලු

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 515

පක්ෂ මාරු කරන බව ප්‍රචාරය වුණ ගිය ආණ්ඩුවෙ කැබිනට් මට්ටමේ හිටපු උඩරට පළාතෙ ප්‍රකට දේශපාලුතුමෙක්ගෙ ගෙදර ජනවාරි 01 දා අපූරු වැඩක් සිද්ධ වුණාලු... එදා උදෑසන උන්නැහේගෙ ගෙදරට සීයක විතර සෙනඟක් ඇවිල්ලා හිටියෙ සුබපතන්න හැබැයි මෙතන පරහකට තිබුණෙ ඒ සෙනගින් තුන්කාලක් විතර උන්නැහේ දැන් ඉන්න පොහොට්ටුවෙ හිතවත්තු...

ඉතිරි පිරිස ඒ පළාතෙ අලි පාටියෙ ප්‍රබල කෙරැම්කාරයොලු. උන්නැහේ පොහොට්ටුවෙ නිසා ඒ පක්ෂයෙ අය එන එක අරැමයක් නොවේ. ඒත් අලි පාටියෙ අය කොළ පාට ඇඳගෙන පළවෙනිදා උදේ මේ ගෙදරට ආපු එක ටිකක් අමුතු ගමනක්ලු...

නයාට අඳුකොළ වගේ පක්ෂ දෙකක කස්ටිය එකට ඉන්නකොට ඉබේම හොට පටලවාගෙන පස්සේ රටම පටලවාගන්නවනේ. ඉතින් ඒවගේ දෙයක් මෙතනත් වෙන්න ගියා කියල තතු දත් අය කියනවා.

හැබැයි මෙතනට ආපු අයගෙන් අලි පාටියෙ කස්ටිය එතෙන්ට ආවෙ පක්ෂ මාරු කරන බවට ආරංචි තිබූ මේ දේසපාලුතුමා කලින් දවසේ අලි පාටියට ආවය කියලා කෙනෙක් දුන්න බොරු ආරංචියක් විශ්වාසෙට අරන්ලු...

අන්තිමට පක්ෂ දෙකක අය මේ නිවසේ හුටපටයකට පැටලෙන්න කළින් දේසපාලුතුමා හොඳ කතාවක් කරල සංග්‍රහ සත්කාරත් කළාලු. ඊට පස්සෙ උන්නැහේ කීවෙ තමන් බලාඉන්නෙ පොහොට්ටුව පිපෙනකම් මිසක් අලියා පිට යන්න නෙවේය කියලලු. ඒ කතාව ඇහුණ විතරයි අලි පාටියෙන් අවුරැදු උත්සවේට ආපු අය හෙමින්ම යන්න ගියාලු.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00