බැඳුම්කර විවාද සිද්ධවෙන දවසට ප්‍රයෝජනේට ගන්න ඒකාබද්දෙ කස්ටිය පොතක් සොයනවලු....
මේ පොත මීට කාලෙකට කලින් ලිව්වෙ බැඳුංකර වංචාව සාධාරණීකරණය කරල සුදුහුණු ගාන්නයි....
පොතේ කර්තෘතුමා ආණ්ඩුවෙ රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් පොරක්.... මෙයාල කෝප් සභාවෙ ඉඳන් බැඳුංකරේ ගොඩගන්න කෙටිසටහන් දාල ඉතිහාසගත වෙච්ච පොරවල්....
ඉතින් ඒකාබද්දෙ මන්තිරි සයිස් දෙතුන් දෙනෙක් අපේ රාජ්‍ය ඇමැතිතුමාගෙ පොත සොයන්න පොත් කඩ ගානෙ දවස් තුන හතරක්ම කරක් ගහලා....
එයාල ගිය හැම තැනින්ම ලැබිච්ච උත්තරේ අනේ සර් ඔය පොත ගැන නම් අපෙන් අහන්න එපා.... ඒක එකපාරටම අතුරුදන් වුණා කියලලු. ඒක ඉබේම අතුරුදන් වුණාද කවුරැවත් අතුරැදන් කළාද කියලා ඇහුවම ඒ ප්‍රශ්නෙම පොත් කඩ කස්ටිය කිසිම උත්තරයක් දුන්නෙ නැතිලු.