2018 ජනවාරි 20 වන සෙනසුරාදා

උන්නැහේ සන්තෝස කරන්නලු

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1240

මැලේ රටෙන් ආපු ලොකුම කොම්පැණියක් මේ රටේ ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න ගියා.... ඒක එක්තරා තෙල් වර්ගයක් හදලා විකුණන බිස්නස් එකක් කිව්වොත් නිවැරදියි.

ඒ ගොල්ලො මේ රටේ විසි අවුරුද්දක්ම බිස්නස් කරන්නයි ගිවිසුම් ගැහුවෙ.

ඉතින් ගිවිසුම් ගහලා ඉවරවෙලා ව්‍යාපාරෙ පටන්ගන්න ලෑස්ති වුණා. ඒ ගැන වැඩේට සම්බන්ධ දේශපාලන භවතකුටත් ආරාධනා කළා කියමුකො.හැබැයි උන්නැහේ ඒකට ඒ හැටි සතුටක් පෙන්නුවේ නැහැ. තමන් කියන විදියට තමන් සන්තෝස කළොත් විතරයි බිස්නස් එක කෙරෙන්නෙ කියලා උන්නැහේ අදාළ කොම්පැණියට කීවලු.

හැබැයි උන්නැහේ කියන විදියට එයාව සන්තෝස කරන්න කොම්පැණිය කැමති වුණේ නැහැ. අවසානෙ රටට ලැබෙන්න ගිය ලොකුම ව්‍යාපෘතියක් චකබ්ලාස් වෙන්නයි ගියේ....

කොහොම හරි මේක දැනගත්ත රටේ ලොකු මහත්තයා තිබුණ බාධාව ඉවත් කරලා වැඩේට අවසර දුන්නා. නමුත් තමුන් සන්තෝස නොකිරීම නිසා අසතුටින් ඉන්න ඒ කාරණා භාර දේශපාලන පිංවතාගෙ ජරමර නිසා මැලේ කොම්පැණියට බිස්නස් ඇතිවෙලා කියල තතු දත් අය කියනවා.

දේශපාලනේ ශුද්ධවන්තයො ලෙස පෙනී සිටින මේ වගේ ශුද්ධෝදනලා නිසා පාඩුව රටටයි.

 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00