2018 ජනවාරි 27 වන සෙනසුරාදා

කළ හොඳ පස්සෙන් එළවීම

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 489

ලංකාව මට්ටු කරන්න හදන ජිනීවා කොමිසම ගැන මේ රටේ ලොකු පොඩි කවුරුත් දන්නවා... ඒකෙ තානාපතිකම කිරීම ලේසි පහසු වැඩක් නෙවේ. දැන් සෑහෙන කාලයක් මෙතන තානාපතිකම් කරන්නෙ රට ගැන හොඳට හිතන ආරියසිංහ උන්නැහේ.

ඒත් එකපාරටම එයා හිටිය කල් වැඩියි කියලා උන්නැහේ කොළඹට කැඳවලලු...ඒකට හේතුව උන්නැහේගෙ අකාර්යක්ෂමකම නොවෙයි ප්‍රතිපත්ති ගැටුමක් කියලයි ආරංචි...

මේ ආණ්ඩුවෙ ඉන්න හුඟාක් නිදහස් මත දරන (ලිබරල්) ඇමැතිවරු ජිනීවා කොමිසමේදි කරන්න කියලා කියන වැඩවලින් රටට වරදක් වෙන්න පුළුවන් නම් ආරියසිංහ උන්නැහේ ඒක නොබියව පෙන්නා දෙනවලු... වරක් එක්තරා ලිබරල් ඇමැති කෙනෙක් නියෝගයක් දුන්නම ඇමැති නියමය නිසා මේක මම අකුරට කරන්නම්. ඒත් ඒක රටට හානියක් කියලා ලිඛිතවම සටහන් කරලා දුන්නලු... ඒකෙන් පස්සෙ ලිබරල් ඇමැතිල තානාපති ආරියසිංහ උන්නැහේ ගැන සැර ආකල්ප ඇතිකරගෙන එයා ලංකාවට කැඳෙව්වලු.

ඒක කාට කොහොම වුණත් රටට නම් හොඳ මදි බවයි ජිනීවාවෙ රටට හිතැති අය කියන්නෙ.