ගුරුවරිය දණගැස්සිල්ලෙ කතාව සැල්වීනියාවලටත් වඩා වේගෙන් රට පුරා පැතිරුණා... ඉතින් මේ කතාව නිසා ලොකු ජරමරයක් නිර්මාණය වේගෙන එනකොට ඒකට සම්බන්ධ පාර්ශවය කතාව මාද්දියෙන් ප්‍රචාරය වීම නවත්තන්න ක්‍රමයක් කල්පනා කළා. අහස පොළොව ගැටලන්න මේ ගැන කල්පනා කළ බලවත්තුන්ට එකපාරටම ගණදෙවි නුවණක් පහළ වුණා. කතාව පත්තු කරන කස්ටිය ගෙනල්ලා එයාලට සැලකුවොත් වැඩේ හරිය කියලයි මේ ගණදෙවි උපදෙස දුන්න අය කීවෙ...
ඒකට නිමිත්තක් නැහැනේ කොහොමද ඔය මාද්දිය වගේම අනෙක් වගකිවයුතු අංසවල කස්ටිය ගෙන්නන්නෙ කියලා ආයෙමත් ප්‍රශ්නයක් මතුවුණා...
වැඩේ ඕන නම් හේතුද සොයාගන්න බැරියැ කියපු උපදේශය දුන්න අය අලුත් අවුරුද්ද නිමිත්තෙන් කස්ටිය ගෙනල්ලා මදිය නොකියන්න සලකමු කියලා යෝජනා කළා. අන්තිමේ ඒ යෝජනාව පිළිගැනුණා. වැඩේ ගාණට සෙට් වුණා.