අලි පාටියෙ එක්තරා ඉහළ පෙළේ රැස්වීමකදී මේ දවස්වල ලොකු අර්බුදේකට මුහුණදීලා ඉන්න කොළඹ පැත්තෙ දේශපාලන ලොක්කෙක් ආණ්ඩුවෙ සල්ලි බාර ලොකුම ආයතනෙ ලොක්කට බරපතළ විදියට බැණ අඬගහන්න පටන් ගත්තලු.
එයා මෙහෙමයි... ඉස්සර හිටියෙ මෙතන ඔය හාදයා පට්ට... අරව මේවා කිය කියා කේන්තියට පත් ලොක්කා විශාල ඝෝෂාවක් කළා...
උන්නැහේගෙ මේ කතාවට එතන හිටපු හුඟදෙනෙක් කැමති වුණේ තැත්තෙ අර චෝදනාවට ලක් කළ තැනැත්තා හොඳ නිලධාරියෙක් හැටියට පිළිගැනීමට ලක්වෙච්ච කෙනෙක් නිසයි. ඒත් කුමන හේතුවක් නිසා හෝ බැණිල්ල පටන් ගත් කෙනා නොනවත්වාම අර ප්රබල නිලධාරියාට දොස් පරොස් කියනකොට උඩරටින් ආපු නවීන පන්නයේ ඇමැති කෙනෙක් ඔහේ කොහොමද මේ වැදගත් මහත්තයට එහෙම කියන්නෙ කියල කොක්කක් ඇදගත්තලු...
තමන් වැරදි කරලා නිකරුණේ වැදගත් උදවියට මේ වගේ තැන්වල කතා කරන්න එපා කියලා තදින්ම කීවලු. උන්නැහේගෙ ඒ කතාවට හුඟදෙනෙක්ගෙ සහය ලැබිලා. පාටියෙ ලොකු ලොක්කොත් ඔය බැණිල්ලට අසතුට ප්රකාශ කරලා...
රටේ ඉහළම නිලධාරියකුට මේ විදියට චෝදනා නැගුවෙ පසුගිය දවස්වල තමන් දැරූ පට්ටමත් අහිමි කරගත්ත ලොක්කෙක්. අන්තිමේ එයාගෙ කතාවට සභාවෙන් විරෝධය ආවම එයා සද්දෙ වහලා වාඩිවුණාලු.