ආණ්ඩුවෙ ඇමැතිකමක් කරන එක්තරා සුළු පක්ෂ නායකයෙක් ඉන්නවා... උන්නැහේගෙ පක්ෂයෙන් පත්වුණ පළාත් මහ ඇමැති කෙනෙකුයි ඒ පක්ෂයෙම අලි නමක් තියෙන දියවන්නා මන්ත්‍රී කෙනෙකුයි ඊයෙ පෙරේදා දවසක තමන්ගෙ පක්ෂ නායකය ඉදිරිපිට ගුටිකෙළියකට සැට් වුණාලු.
එක්කෙනෙක් සෙරෙප්පුව උස්සල අවි අමෝරද්දි අනික අතින් පයින් සටනට ආවලු... මේකට හේතුව තමන්ගෙ පළාතෙ ඡන්දය කරන ආකාරය ගැන ඇතිවුණ ප්‍රශ්නයක්ලු....
එක්තරා කොංග්‍රසයක් නියෝජනේ කරන මුන්නැහේලගෙ ආරවුල ඒ වෙලාවෙ එතන හිටපු ජ්‍යෙෂ්ට කස්ටිය එකතුවෙලා සමථයකට පත්කළා... ගී කියන මසුන් ඉන්න ඈත දුර පළාතක ප්‍රසිද්ධ හෝටලේකදි මේ ගෝරිය සිද්ධ වුණ බවයි ආරංචි....
ගෝරියෙන් පස්සෙත් අළුයට ගිනි නිවිලා නැතිලු... මේ කතන්දරේ එක්තරා ප්‍රේම කතාවකට ගාවල නීතිය හමුවට ගෙනියන්නත් ගෝරියට සම්බන්ධ පාර්ශ්වයක් ලෑස්තිවෙනව කියල තතු දත් අය කියනවා....