රටින් හාල් ගේනකොට අයකළ බද්ද එකපාරටම ලොකු ගණනකින් පහළ බස්සන්න ආණ්ඩුවෙ ලොකු මහත්තයා එක පාරටම තීන්දු කළාලු. හැබැයි කවුරුත් නොදැන එක පාරටම මේ තීන්දුව ගත්තෙ ආණ්ඩුවෙම එක්තරා ලොක්කෙක් කරපු ජරමරයක් නිසා කියලයි මාර්කට් එකේ කතාව යන්නෙ....
හාල්මිල නහුතෙට ඉහළ ගිය නිසා රටින් හාල් ගේන්න වෙළෙන්දන්ට අවසර දීමත් එක්ක ඒකට ටෙන්ඩර් කැඳෙව්වලු... ඒ ටෙන්ඩරේ එක්තරා කොන්දේසියක් ඔය කියන ආර්ථිකේ හිරු සඳු වගේ ඉන්න ඇමැතිගෙ සමාගමකට වාසිවෙන හැටියට දාලය කියල රටේ ලොකු මහත්තයට පැමිණිල්ලක් ලැබුණා.
ඒ ගැන හොයා බලපු ලොකු මහත්තයට කතාව ඇත්ත බව තේරුණා. ඒ ගැන තදින් කේන්තිගන්න ලොකු මහත්තය වහාම විශාල ගණනකින් හාල් ආනයන බද්ද අඩුකරල කැමැති කෙනකුට කැමැති තැනක ගබඩා කරගෙන හාල් ගෙනල්ල විකුණන්න අවසර දුන්නලු.. මේ නිසා රට හාල් ගේන එකෙන් තමන්ගෙ හොද්ද බොරකර ගන්න හැදුව ලෝකකගෙ ප්ලෑන වතුරෙ ගියා කියලයි කියැවෙන්නෙ...