2018 මාර්තු 17 වන සෙනසුරාදා

සෙල්ලම්... උඩරටට

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 512

සෙල්ලම් ඇමැතිකම අද හෙටම වෙනස් වෙන්න පුළුවන් කියල කතාවක් යනවා... ලංකාවේ ක්‍රීඩා අංශෙ හුඟක් තැන්වල ගැටලු තියෙන එක ආණ්ඩුවට ප්‍රශ්නයක්ලු. ඒ වගේම රටේ ජනප්‍රියම ක්‍රීඩාව බාරව ඉන්න උදවියගෙන් ජනතාව අපේක්ෂා කරන දේවල් සිද්ධනොවීම ගැන අමාත්‍යංශය පැත්තෙන් වගකීමක් තියෙනව කියල ඉහළට තොරතුරු වාර්තා වෙලා. ඒ වගේම එන්න එන්නම ක්‍රීඩා අංසෙ ඇතිවෙන ප්‍රශ්න දේශපාලන අංශෙ ජය පරාජයන්ටත් බලපාන බව වාර්තා කරලලු. ඒ හින්ද දැනට පුටු පාටියෙ තියෙන සෙල්ලං ඇමැතිකම අලි පාටියෙ කෙනකුට දීල අලි පාටියෙන් ඒකට ගැලපෙන පට්ටමක් පුටු පාටියට ගන්නලු යන්නෙ...

මේ යෝජනාව ඊළඟ මැති ඇමැති වෙනසෙදි වෙන්න යන බවයි කියැවෙන්නෙ. එතකොට උඩරට කේතලෙන් මල්ලක් ගෙනාපු පැත්තෙන් ක්‍රීඩාවට වසන්තය උදාවෙන්න පුළුවන් කියලා කියනවා.

 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00