දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි ජනතා නියෝජිතයොත් අනාපු මෙවර පළාත් ඡන්දෙන් තේරුණ මන්තිරිගොල්ල අතරෙ තනතුරැ හුටපට ගොඩක් ඇතිවෙලා.
ලොකුම ආරවුල පටන් අරන් තියෙන්නෙ කොළඹලු. හිරු සඳු වගේ ඉන්න පළාතෙ අලි පාටි දේශපාලන භවතෙක් තමන්ගෙ මන්තිරිවරු විස්සක් කිට්ටුව තේරිලා ඉන්නව කියල එයාගෙ අයගේ කෙනකුට කොළඹ නගරෙ දෙවැනි පුටුව දෙන්න කියල ලොකු ඝෝෂාවක් දැම්මලු. ඒ එක්කම තමන්ටත් ආණ්ඩුවෙ බලවත්ම පට්ටමක් නැවත ලැබෙන්න ඕන කියලත් කියනවලු...
එහෙම නොවුණොත් කොළඹ නගරෙ ආණ්ඩුව හදනකොට තමන්ගෙ මිනිස්සු දාහතක් දහඅටක් විපක්ෂයෙ වාඩිවෙයි කියල ප්රචාරයක් දියත් කරලා. උන්නැහේ කොයිතරම් ඩම් එක දාල මේ කතාව ප්රචාරය කළත් පක්ෂයෙ මහතැන් ඒකට සවන් නොදීමලු ප්රශ්නය.