2018 මාර්තු 24 වන සෙනසුරාදා

මහ පට්ටම දැන්ම එපාලු!

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 531

අලි පාටියෙ ඉහළම තනතුර භාරගන්න කියල ආරාධනා ලැබිච්ච රුහුණු පළාතෙන් පත්වුණ ඇමැති තැන මේ වෙලාවෙ ඔය වගකීම එපා කියල තමන්ගෙ සගයන්ට කිව්වලු...

ඒකට හේතුව ළඟ ළඟ එව පළාත් බබාලගෙ ඡන්දෙය කියලත් ආරංචියි. ඔය පට්ටම් භාරගත්තට පස්සෙ එන පළාත් බබාලගේ ඡන්දෙනුත් ගිය පළාත් පාලනේට ලැබුණ ප්‍රතිඵලයම ලැබුණොත් තමන්ගෙ ඉදිරි ගමනට ඒක මහා බාධාවක් වන නිසා දැන්නම් තමන්ට පක්ෂයේ ලොකු තනතුර එපා කියලා උන්නැහේ හේතු සහිතව කරුණු කිව්වලු.

ඊට කලින් ඔය තනතුර කොළඹට හිරු උදාකරනවය කියමින් දේශපාලනේට ආපු අලි පාටියෙ අනෙක් ජ්‍යෙෂ්ඨයත් ප්‍රතික්ෂේප කළා... උන්නැහේට 13 වතාවක්ම මේ වගකීම භාරගන්න කියලා ආරාධනා කළත් එතුමා තමන්ගෙ තීන්දුව වෙනස් කළේ නැතිලු...

මේ නිසා අලිපාටියෙ නායකත්වයත්, ආණ්ඩුවෙ දෙවැනි පුටුවත් දෙන්නෙක් දැරිය යුතුය කියලා හිතාපු අලිපාටියේ ජ්‍යෙෂ්ඨයන්ට රනිල්තුමා එක්ක දිගටම තමන්ගෙ ගමන යන්න වෙන බවයි පේන්නෙ...