දේශපාලනයට සම්බන්ධ ප්රකට පවුලක තාත්තලා පුතාලා අතරෙ ආරවුලක් පටන් අරන් කියලා ආරංචියි. මේ ආරවුල දේශපාලන හේතුමත හටගත්ත එකක්... මේ දෙන්නම ගිය ආණ්ඩු කාලෙ ඒ පැත්තට සපෝට් කරල දේදුණු විප්ලවය කරන්න එළියට බැහැපු අය...
යහපාලනේ ගේන්නත් ලොකු සටනක් කළ මේ පිය පුතු දෙදෙනගෙ විරසකේට හේතුව විශ්වාසභංගෙට සම්බන්ධ කාරණයක්ලු...
දැනට මේ තාත්තලා පුතාලා අලි පාටියයි නියෝජනේ කරන්නෙ. මෙයින් පියතුමා ආණ්ඩුවෙ බරපතළ පට්ටමකුත් දරනවා. ඒත් එයාගෙ පුතා කියන්නෙ පක්ෂය ඉදිරියට ගෙනියන්න නම් ලොකු පුටු සේරම වෙනස් වෙන්න ඕන කියලලු...
ඒකට කරන සටනේදී එක අංගයක් විශ්වාස භංගයෙදී පුතා තාත්තගෙ අණ පිළිපදින්නෙ නැතුව ඒකට අස්සන ගහන්න තීන්දු කිරීම පිය පුතු ආරෝවට ආසන්නම හේතුවලු...
ලොකු වාග් සටනකින් පස්සෙ දැන් මේ දෙන්න කතාබහ කිරීමත් නවත්තපු බවයි ආරංචි... කොච්චර වලිගියත් පියාත් - පුතාත් කැත්තට පොල්ල වගේ තමන්ගේ ස්ථාවරය වෙනස් කරන්නෙත් නැතිලු. මේ දෙන්නා බස්නාහිර පළාතෙම දිසා දෙකකින් කවුන්සිලේට ආපු උදවිය.