පසුගිය ඡන්දෙ කිට්ටුව ඒකාබද්දෙ ඉඳලා ආණ්ඩුවෙ ලොකුමහත්තයා එක්ක සැට්වුණ දියවන්නා මැම්බර් මහත්තයෙක් ඉන්නව... කාලයක් විප්ලවීය දේශපාලනයක් කරපු උන්නැහේ පසුකාලෙ එක්තරා දේශපාලන වීරයෙක් එක්ක හිටපු ලොකු තැන ළඟ නවාතැන් ගත්තා...
එහෙම ඉන්නකොට තමන්ගෙ කණ්ඩායමේ ලොක්කත් එක්ක කොක්කක පැටලුනේ තමන්ට එයා හරියට සලකන්නෙ නැත කියලයි...
ඊළඟට පොහොට්ටුවෙන් පුටුවට ඇවිත් පසුගිය පළාත් ඡන්දෙ වේදිකාවෙ ලොකු භූමිකාවක් කළා... ඒ වෙලාවෙ උන්නැහේට බරපතළ කැබිනට් විෂයක් දෙනබවට කතන්දරත් පැතිරුණා.
ඒත් අනේ ඡන්ද ප්රතිඵලය ආවට පස්සේ මේ කැබිනට් කතා විතරක් නොවේ පක්ෂ මාරුවත් කරල හයියෙන් සද්ද බද්ද කරපු උන්නැහේ ඉන්නවද නැත්ද කියන එකවත් හොයාන්න කෙනෙක් නැතිලු...
ඊට පස්සෙ දැන් එයා ගිය නුවණ ආපසු ඇදගන්න ක්රමයක් සොයමින් ඉන්න බව ආරංචියි.