ඊළඟ ජනාධිපති ඡන්දෙට තව වැඩි කලක් නැහැ... ඒ නිසා ප්රධාන පක්ෂවල වගේම ඉන් බැහැර සංවිධාන ගණනාවක සමහරු ජනාධිපති වරණය ගැන උනන්දුවෙන්න පටන් අරන්... ජනතාව ඉල්ලනව නම් ෆොනීතුමත් ඒ වැඩේට සූදානම් බව එතුමන් කිව්ව.
ඒත් අපි කියන්න යන්නෙ උන්නැහේ ගැන නෙවෙයි. වෙනත් කෙනෙක් ගැනයි මෙතුමාටත් ජනාධිපතිවරණය ගැන අදහසක් තිබෙන බව දැනගත්තෙ ඊයෙ පෙරේදා. රටේ ප්රධාන දේශපාලන පක්ෂයක ප්රධානම ඇමැතිකමක් කරපු කෙනෙක් උන්නැහේ... ඒත් දැන් ඉන්නෙ තටු කැපිලා. පසුගිය ඇමැති සංශෝධනෙනුත් මොනව හරි ලැබේවි කියලා හිතුවට රටේ ලොකුමහත්තුරු උන්නැහේට පට්ටමක් දෙන්න මනාප නැතිනිසා වැඩේ අප්සෙට් ගියා.
ඒ නිසා සංවේගයට පත් මෙතුමා අලුත් තීරණයක් අරන් කියලා එයාට සමීප අය කියන්න පටන් අරගෙන... ඒ කියන්නෙ 2020 දී රටේ මහපුටුවට සටනක් දෙන්න උන්නැගෙන් මනාපලු...
ඒකෙ මුල් පියවරක් හැටියට එයා පසුගියදා නුවර පැත්තට ගිහිල්ල එහේ තිබුණ අරගලවලින් විපතට පත් ජනතාවට සහන ප්රදානයකුත් සිද්ධ කළා... ඉතින් මේ විදියට උන්නැහේ වැඩේට සැට්වෙන්න හැදුවට එන්නෙ කොහොමද මොන පක්ෂයෙන්ද කියල තවමත් තීන්දුවක් නැහැ කියලයි කියන්නෙ...