මේ දවස්වල රටට ලොකුම ණය සැපයීම කරන ලෝකෙ ප්‍රධානම ආයතනෙක කස්ටිය පසුගිය දවසක තමන්ගෙ ණය වැඩසටහනේ ප්‍රගතිය සොයාබලන්න කොළඹට ආවලු...
ඒ එනකොට විෂය භාර ඇමැතිතුමා අසනීප තත්ත්වෙන් හිටපු හින්ද උන්නැහේ හමුවෙන්න බැරිවෙලා. ඊළඟට මේ අය අමාත්‍යාංශ දෙවැනි ඇමැතියි ලේකම් තැනයි හමුවෙන්න අදහස් කළාලු...
ඒකට මීටිමක් ලෑස්ති කරල දෙවැනි ඇමැතියි අනෙක් බලධාරියොයි ආවට අමාත්‍යංසේ ලේකම් තැන ආවෙ නැතිලු... ඒ ගැන ණය සපයන ආයතනෙ කස්ටියත් ප්‍රශ්න කරලා...
කොහොමහරි රටට ඉතාම වැදගත් වන මේ රැස්වීමට නොපැමිණි ලේකම් තැන... මේ විදේශ නිලධාරීන් ඇමෙරිකාවට ගිහිල්ල එහේදි ළඟදිම පවත්වන රැස්වීමට ලංකාව නියෝජනය කරමින් සහභාගිවෙන්න දැන් කටයුතු සූදානම් කරන බව ආරංචියි...
මේ ගැන දැනගන්න මැතිඇමැති කස්ටියත් ඔය වැඩේ අනුමත කරන්නෙ නැහැ කියල ආරංචියි. පසුගිය සතියෙ කැබිනට්ටුවෙදිත් මේ ලේකම් තැනගෙ ක්‍රියාකලාපය ගැන ඇමැතිලා කොකු පිට කොකු ඇද්දලු... රටේ ආර්ථිකේ සුක්කානම භාරව ඉන්න මේ වගේ උදවිය එක්ක ආණ්ඩුව මෙහෙම යන එකත් ඇති කියලා ඇමැතිවරුම කීවලු...