ලංකාවෙ ඉඩකඩම්වල ප්‍රතිසංස්කරණ වැඩබලන ලොකුම කන්තෝරුවක ලොකුම පුටුවෙ වාඩිවෙලා ඉන්න ලොකු මහත්තය පසුගිය දවසක ඕ.ටී. පාරක් දැම්මලු. සාමාන්‍යයෙන් ඔය වගේ පට්ටම්ධාරීන්ට ඕ.ටී. ගෙවන්නෙ නැතිවුණත් මෙතන සිංහයෙක් වගේ ඉන්න ලොකු මහත්තය ලස්ස දෙකක විතර ඕ.ටී. වවුචරයක් දාලා...
ඉතින් මේක මුදල් නීතිවලට ගැලපෙන්නෙ නැති නිසා ගෙවන්න බැහැයි කීවත් පස්සෙ මේ ගනුදෙනුව සිද්ධවුණාලු.
ඊට පස්සෙ මේ ලොකු මහත්තයගෙ ඕ.ටී. කතාව ඔය කන්තෝරුව පුරා පැතිරුණේ හරියට සැල්වීනියා පැතිරෙනවටත් වඩා වේගෙන්ලු...
කතාව මැති ඇමැතිලගෙ කනටත් ගියාම මේ ලොකු මහත්තයා පරලවෙලා විෂයභාරව හිටපු ලොකුම ලොකු නෝනට එන්න කියලා සැර භාෂාවෙන් දෝස්මුරේ දැම්මම කාටවත් යටත් නැති ඒ නෝනත් අනේ මිනිහෝ කියලා... ලොක්කට හොඳවයින් දෙකක් කතා කළාලු. එහෙම කියල තමන්ගෙ අඩුම කුඩුමත් අරගෙන යන්න ගියාලු... ගිහිල්ල දවස් ගාණකින් ඒ කන්තෝරැවෙන්ම අයින්වෙලා ගියේ වැරදි වැඩවලට අතදීලා තමන්ටත් පොලිසි උසාවි ගාණේ යන්න බැරි බව කියමින්ලු.
මේ වගේ ජල්තර වැඩ කරන සභාපති සයිස් මහත්තුරැ ඉන්න කන්තෝරු භාර දේශපාලන ලොක්කො මේවයේදි නිහඬව සිටීම ගැන එතන සේවකයො දැන් හයියෙන්ම ප්‍රශ්න කරන්න පටන් අරන් කියලා ආරංචියි.