අලිපාටියෙ ලොකු තනතුරු වෙනසක් වෙන බවට පසුගිය දවස් ගණනාවකම ප්රවෘත්ති පළවුණා.... මාරුවෙන ලොකුම පට්ටම මහලේකම්කමලු... දැන් ඒක කරන කබීර්තුමා වෙනුවට විරාජ් උන්නැහේ අලුතෙන් එන්නලු යන්නෙ. මේ හුවමාරුවෙදි පට්ටම ගැලවෙන කබීර්තුමාට මලික් උන්නැහේගෙ සභාපති පුටුව දෙන්නලු කතා කළේ....
නමුත් මේ ජරමර පරිසරේ මැද තමන් සභාපති පට්ටම භාරගන්න සූදානම් නැත කියල කබීර්තුමා පක්ෂයේ ඉහළ තැන්වලට දන්වල දිගින් දිගටම උන්නැහේට ඇවිටිලි කළත් එයා ඔය තනතුර නම් එපාම කියලලු කිව්වෙ....
අන්තිමට පක්ෂයේ අයට විකල්පයක් සොයන්න සිද්ධ වුණා....
හුඟ දෙනෙක්ගෙ එකඟත්වය මත ඒ විකල්පය වුණේ දැන් දේශපාලනෙන් පැත්තකට වෙලා ඉන්න බේරුවල මාකර් උන්නැහේ. ඔන්න ඒ පාර මාකර් උන්නැහේට පක්ෂයෙන් මේ ආරාධනාව කළාලු. ඒත් අනේ උන්නැහෙත් මේ වෙලාවෙ නම් මට එපා කියල පට්ටම ප්රතික්ෂේප කරලා. ඊට පස්සෙ දැන් වැඩේට කැමති වෙනත් නමක් සොයමින් අලිපාටියෙ ලොක්කො නොයෙක් තැන්වල කරක් ගහන බව ආරංචියි.