අත්‍යවශ්‍ය කාරණයකට අවශ්‍ය හදිසි සේවාවක් ලබාගන්න රටේ හිටපු ජ්‍යෙෂ්ඨතම පරිපාලන ලොක්කෙක් ආණ්ඩුවෙ එක්තරා දෙපාර්තමේන්තුවක මූලස්ථානෙට කතා කළා...
මේ ආයතනේ දෙපාර්තමේන්තුවක් කිව්වට ඒක පිහිටුවල තිබෙන්නෙ රටේ ආරස්සාව අරවමේව ගැන බලන්න. ඒ නිසා සාමාන්‍යයෙන් එතන ඉන්න මහත්තුරැ පැය 24ම “ඇලර්ට්* එකේ ඉන්න ඕන අය... මේ කියන සිද්ධිය සිද්ධ වූ දවසේ උදේ 8.40ට විතරයි අර ජ්‍යෙෂ්ඨ පරිපාලන ලොක්ක ඔය කියන දෙපාර්තමේන්තුව ඇමතුවෙ... ඒ ඇමතුමට පිළිතුරු දුන් ටෙලිෆෝන් එකට උත්තර දෙන නෝන මහත්තය ඉතා සුහදව කතා කරලා වුවමනාව ඇහුවලු... “මම අහවලා මට අහවල් අංශෙ අහවල් ලොක්කට කතා කරන්න ඕන. උන්නැහේ මම දන්නව... මට හදිසි රාජකාරි වැඩක් කරගන්න ඕනැයැයි* එයා තමන්ගෙ වුවමනාව කිව්වා...
ඊට පස්සෙ ටෙලිෆෝන් නෝන හොඳයි අපි බලමු සර් කියලා වැඩේ කරගන්න බැරුව ටිකක් ඇඹරෙන්න ගත්තම පරිපාලන නිලධාරිතුමා ඇයි මොකද ප්‍රශ්නය කියල නැවතත් ඇහුව... එතකොට ටෙලිෆෝන් නෝන කිව්ව... “අනේ සර් මේ වෙලාවෙ ඔපිස් එකේ කට්ටිය භාවනා කරන වෙලාව... එතකොට අපට ඩිස්ටර්බ් කරන්න බැහැ... සර් තරහ නැතුව තව පැය භාගෙකින් නැත්නම් විනාඩි හතළිස් පහකින් ගන්න එතකොට මම ඒ මහත්තයව සම්බන්ධ කරන්නම්... සර් භාවනා කරන වෙලාවට කතා කරන්න අවසර නැහැ... ටෙලිෆෝන් නෝන දිගටම නිදහසට කරුණු කිව්ව... “හොඳයි මිස්... මම එහෙම කරන්නම්... ඒත් ඉතින් මේවගේ වෙලාවට රටේ ලොකු ආරක්ෂක ප්‍රශ්නයක් ඇති වුණොත් මොකද වෙන්නේ... අර වගකිවයුතු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා ඇහුවා.
අනේ මම දන්නෙ නැහැ සර්... කියපු ටෙලිෆෝන් නෝන කතාව නවත්තලා ෆෝන්එක තිබ්බා...