පසුගියදාක බලවත්ම බටහිර රටක තානාපති සයිස් මහත්තයෙක් සාදයකදී පොහොට්ටුව පක්ෂයෙ මහ පට්ටමක් දරන ආචාර්යතුමා හම්බුවුණා කියමුකො...
මේ දෙන්නා හම්බුවෙලා රටේ තොටේ දේසපාලනේ ගැන කතා කරන්න ගමන් ඉතා බලවත් බටහිර තානාපති තැනක් පොහොට්ටු ලොක්කට අපූරු යෝජනාවක් කළාලු. මේ යෝජනාවෙන් කියැවුණේ දැන් දේසපාලනේ ප්රබල චරිතයක් රඟපාන හිටපු ලොකු තැනට විශ්රාම යන්න කියන කතාවලු...
කොච්චර බලවත් රටක වුණත් බටහිර තනාපති කෙනකුට අපේ රටේ දේශපාලනයෙන් විශ්රාම ගන්වන්න යෝජනා කිරීම නුසුදුසු නිසා පොහොට්ටු ලොක්කා එයාට ඩිප්ලොමැටික් උත්තරයකින්ම සංග්රහ කළා කියලයි ආරංචි.
“උන්නැහේට විශ්රාම ගන්න දෙන්නෙ නැත්තෙ ජනතාව. ජනතාව එතුමා ඉල්ලද්දී අපි කොහොමද එයාට යන්න කියලා කියන්නෙ” පොහොට්ටු ලොක්ක තානාපති තැනගෙන් ප්රශ්න කළා. තානාපති තැනත් අතෑරියෙ නැහැ. එයා නැවතත් කිව්වා “හිටපු ලොක්කගෙ පුතාට අනාගතයක් ලැබෙන්නේ තාත්ත විශ්රාම ගත්තොත් තමයි” කියලයි... ඒ නිසා පුතා ගැන හිතලා විශ්රාම ගත්තොත් හොඳයි කියලයි තනාපති උන්නැහේ ආපසු යෝජනා කළේ.
මේ විදියට දිගින් දිගටම තානාපති තැන විශ්රාම කතාව අදිනකොට පොහොට්ටු ලොක්කටත් තරමක් කේන්ති ගිහිල්ලා උන්නැහේ කිව්වලු...
“හිටපු ලොකු මහත්තයා ඉල්ලන්නෙ අපි නෙවේ ජනතාවයි. තනාපතිතුමා උන්නැහේගේ එක රුස්වීමකට දෙකකට ගිහිල්ලා බැලුවොත් ඒක තේරේවි. එහෙම දෙයක් බලලා පස්සෙ අපි කතාකරමු” කියලා.. එහෙම කියල තානාපති තැනට සමුදුන්න කියල ආරංචියි.