පසුගිය දවස්වල විප්ලවීය විදිහට සද්ද බද්ද කළ අලි පාටියේ පසුපෙළ මේ දවස්වල වැඩිය සද්ද නොකෙරැවත් හොර රහසේ කෙරෙන කසුකුසු තවමත් කෙරෙනවලු..
ඒ වුණත් මේ කතාබස්වලදී උන්නැහේලා දැන් හරි පරිස්සම් කියලයි ආරංචි. තමන් එක්ක සැරට ඉන්නවා වගේ පෙන්වන දෙන්නෙක් විතර එතන කෙරෙන කියන දෙවල් ගැන තොරතුරැ ඉහළ තැන්වලට වාර්තා කරන බවට උන්නැහේලට තොරතුරු ලැබීමෙන් පස්සෙයි මේ පරිස්සම පටන් අරන් තියෙන්නේ.
ඒ අතරේ තමන් කතා කරන දේවල් ඉහළට කියන අය ගැන හොයන්න මෙහෙයුමක් එයාලත් දියත් කරපු බවයි කියැවෙන්නේ....
ඒ සඳහා ගොතපු කතාවක් ඇත්ත වගේ ප්රචාරය කරන්නත් සූදානම් බව ඒ අයගේ කතාවලින් අපට තේරැණා.