රට ගමන්වලට අවසර දෙන ආණ්ඩුවෙ ඔපිසරල කස්ටිය තමන්ගෙ වෘත්තිය ප්‍රශ්න විසඳන්න කියල අකුරට වැඩ ව්‍යාපාරයක් පටන් ගත්ත...
ඔන්න ඒ වැඩ කටයුතු නිසා රාජකාරි සීරැවෙන් හෙමින් සිද්ධවෙන තැනට කරැණු යෙදුණ... ගුවන් ගමන්වලට ආපු විදේශිකයො සංචාරකයො එහෙමත් රස්තියාදු වීමෙන් ප්‍රශ්න ඇතිවුණා. ආණ්ඩුවටත් ප්‍රශ්නෙ බරපතළකම දැනුණත් කරගන්න දෙයක් තිබුණෙ නැහැ...
ඒ පාර විෂය බාර ඇමැති තැනට උපදෙස් ලැබුණෙ ටිකක් තදට ඉඳලා ප්රශ්නය විසඳන්න කියලලු. දෙපාර්තමේන්තු කස්ටිය අකුරට වැඩ නැවැත්තුවෙ නැත්නම් ගුවං හමුදාව දාල හරි ඒ රාජකාරිය කරන බව සේවකයන්ට දන්වන්න නියම වුණා...
විෂය බාර ඇමැති තැන ඒ වැඩේ කරන්න යනකොට ගුවං හමුදාව දාලා රට ගමන් පාලන කටයුතු කරන්න යනවය කියන ආරංචිය රටේ ලොකු මහත්තයටත් ලැබුණ කියමුකො... ඒ කතාව අහල හොඳටම කේන්ති ගත්ත රටේ ලොකු මහත්තය විෂය බාර වින්න උන්නැහේට කතා කරල මෝඩ වැඩ නොකර සාකච්ඡා කරන්න කියල තදින්ම නියම කළාලු...
ඒ පාර ගුවං හමුදා වැඩේ පැත්තකට දාල ඇමැති තැන සාකච්ඡා මාර්ගයට යන්න තීන්දුවක් ගත්තලු.