මුදල්වලට සම්බන්ධ එක්තරා ප්‍රබල කොමිසමකට සභාපති සයිස් මහත්තයෙක් පත් කරන්න ලොකු කඹ ඇදිල්ලක් යනවලු...
මේ බරපතළ සභාපතිකමට රටේ ලොකු මහත්තය තමන්ගෙ කන්තෝරුවෙ ඉන්න උපදේසක සයිස් කෙනෙක්ගෙ නම යෝජනා කරලා... ඊළඟට දෙවැනි මහත්තය ආර්ථික අංසෙ තවත් ලොක්කෙක්ගෙ නම යෝජනා කරලලු...
රටේ ලොකු මහත්තය යෝජනා කරපු කෙනා මේ විෂය ගැන පොතක් ලියාපු ආණ්ඩුවෙ ලොකුම ආර්ථික සභාවක ඉන්න කෙරැම්කාරයෙක් කියලයි ආරංචි.
ඊළඟට දෙවැනි මහත්තය යෝජනා කරපු කෙනා බැංකු මූල්‍ය සමාගම් වගේ ආයතන ගණනාවක පාලක මණ්ඩලවල ඉඳල ප්‍රායෝගික අත්දැකීම් ඇති කෙනෙක් බවයි කියැවෙන්නෙ
කොහොම හරි රටේ ලොකුම තැන්වලින් නම් දෙකක් යෝජනා වුණාට සභාපති තනතුරු තියෙන්නෙ එකයිනේ. ඒ හින්ද මේ පත්වීම කළ යුතු පත්වීම් බලධාරිය සෑහෙන අප්සෙට් තත්ත්වෙට පත්වෙලා හිටිය. රටේ ආර්ථික මර්මස්ථානයක් වන මේ කොමිසම පණගන්වන්න ලොකු පුටුව ඉක්මනින් පුරවන්න මේ නාමයෝජනා දෙක මාර කේස් එකක් වුණත් අන්තිමේ දෙවැනි මහත්තයාගෙ නමටයි තැන ලැබුණේ.