දහසය දෙනාගෙ කල්ලියෙ කස්ටිය අතරෙ ලොකු මතගැටුමක් පටන් අරන් කියල තතු දත් අය කියනවා. එතැන ඉන්න බහුතරය හිටපු ලොකු තැන එක්ක සැට්වෙලා ගමන යමු කියද්දි තුන්දෙනෙක් කියනවලු අපි යනව නම් දැන් ඉන්න මහත්තයත් කැඳවගෙන මිසක් වෙන ගමනක් යන්න බැහැ කියලා...
මේ තුන්දෙනා අතර උඩරට කටකාරය ඌවෙ කටකාරය වගේම වයඹ කටකාරයකුත් ඉන්න බව කියවෙනවා.
ඒත් උන්නැහේල එක්ක එකඟ නොවෙන තවත් ප්රබල චරිත ගණනාවක් ඉක්මනටම හිටපු ලොකු තැන එක්ක සැට් නොවුණොත් කම්මුතුයි කියන තැනලු ඉන්නෙ.
මිණිපුරේ ජෝන්තුමා කොළඹ කූල් මහත්තය වගේම මේ දවස්වල රට ගිහින් ඉන්න තවත් ප්රියදර්ශනයක් ඇති කෙනකුත් මේ අය අතරෙ ප්රධානයි කියලා ආරංචියි...
ඉතින් උන්නැහේලගේ මතගැටුම දිගින් දිගටම ගියොත් මේ කණ්ඩායම ඉරිතලන්න ඉඩ තියෙනව කියලත් සමහරැ ඔරොප්පුවෙන් කියනවා.