ළඟදි දවසක ආණ්ඩුවෙ අලි පාටියෙ ඉන්න ඇමැතිතුමෙක්ගෙ කන්තෝරුවෙන් දියවන්නා කවුන්සිලේට ඉදිරිපත් වුණ විශේෂ යෝජනාවක් විවාදෙට ගත්ත... ඒක ආර්ථිකේට සම්බන්ධ කාරණාවක්... තරමක් ගැටලු සහගත කාරණා පනතෙ ඇතුළත් වුණ හින්ද පනත විවාදෙන් පස්සෙ ඒකට ඡන්දයක් තැබිය යුතුයි කියල ඒකාබද්දෙ ලොක්කො විවාදෙ පටන් ගනිද්දිම කියා හිටිය.
අලි පාටියෙ ඇමැතිතුමා විවාදෙ තියෙන දවසෙ දියවන්නාවෙ දිගටම රැඳීසිටියත් උන්නැහේට පසුපෙළින් ඒ තරම් සහයෝගයක් තිබුණ බවක් පෙනුණෙ නැහැ...
විවාදෙ හුඟක් දුරට ඇදගෙන යන්න වුණේ උන්නැහේටමයි. ඒකට හේතුවුණේ උන්නැහේ සම්බන්ධව අලි පාටියෙ පසුපෙළ ඒ හැටි මනාපයක් නොදැක්වීමලු...
ඊටත් වඩා කාරණය ඒකාබද්දෙ ලොක්කො පනතට ඡන්දයක් ඕන කියල තියෙද්දි සවස ඡන්දය විමසන වෙලාව එනකොට අලි පාටියෙ පසුපෙළ හුඟදෙනෙක් සභාවෙන් වාෂ්ප වෙලා යෑමයි...
හේතුව නොදනිතත් ඒක එහෙම වෙලා ඡන්දයක් ඒවි කියල සමහරු බලාපොරොත්තු වුණා. නමුත් උදේ ඡන්දය ඉල්ලූ ඒකාබද්ධය සවස විවාදය අවසානෙ ඡන්දයක් නැතුව යෝජනාව සම්මත කරන්න හදිසියෙම එකඟ වෙලා. හැබැයි බැරිවෙලාවත් ඡන්දය තිබ්බ නම් සභාවෙ හිටපු මන්ත්රී ගණනෙ හැටියට වික්රමාන්විත ඇමැතිතුමා ලොකු අර්බුදේකට මුහුණපාන්න ඉඩකඩ තිබ්බලු.