ලොතරැයි කේස් එක නැගලා යනවා... පසුගියදාක ලොතරැයි මිල ඉහළ දාන්න ඇමැති සයිස් මහත්තය ගත්ත තීන්දුව ලොතරැයි විකුණන අයගෙ වර්ජන ඉල්ලීම් නිසා අවලංගු කරන්න රටේ ලොකු මහත්තය තීන්දු කළා...
මේක කරන වෙලාවෙ විෂය භාර එක්කෙනා රටේ හිටියේ නැතිලු... ඉතින් කොහොමින් කොහොම හරි මිල අඩු කිරීමට රටේ ලොකු මහත්තයගෙන් ආපු නියෝගයට විෂය භාර කස්ටිය සතුටුවෙලා නැහැ කියල ආරංචියක් යනව. ඒ නිසා සල්ලි භාර අමාත්යංශෙන් වැඩි කළ මිල අඩු කරන නියෝගය තවමත් මණ්ඩලවලට දීල නැතිලු...
මේ නිසා කලබල වුණ ලොතරැයි නියෝජිතයො ඒ බව රටේ ලොකු මහත්තයගෙ කන්තෝරුවට දන්වලා. එහෙන් ලොතරැයි කස්ටියට කිව්වලු රටේ ලොකු මහත්තයගෙ නියෝගය සිද්ධ නොවුණොත් ඊළඟ පියවරට යනව...
එතෙන්දි හොඳ හොඳ සෙල්ලම් වෙන්න පුළුවන් කියල... ඒ පාර මේ වැඩේ අධීක්ෂණය කිරීම රටේ ලොකු මහත්තය විසින් රාජ්ය ඇමැති සයිස් කෙනකුට පැවරුවලු...
කොහොම හරි මේ මිල සටන නිසා ගිරේට හසුවූ පුවක් ගෙඩියක් වගේ ඉන්නෙ මණ්ඩල දෙකේ සභාපතිලලු. ඒ දෙන්න මේ හුටපටේ නිසා හොඳටම තක්කු මුක්කු වෙලා කියලත් ආරංචියක් යනවා.