එක්තරා ඇමැතිතුමකුට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක විසඳගන්න උන්නැහේ මේ දවස්වල දහ අතේ ඇවිදිනවලු.
ප්රශ්නය මේකයි... උන්නැහේගෙ අමාත්‍යංශෙ හිටපු ලේකම් තැන විශ්‍රාම ගැනීමෙන් ඇතිවුණු පුරප්පාඩුවට පත්කළ සියලු ලේකම්ල සුමානෙන් දෙකෙන් අස්වෙලා යන්න පටන් ගැනීමලු.... මුලින් පත්කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන ලොක්ක දවස් තුන හතරකින් අස්වෙලා ගිහිල්ලා ඊළඟට පළාත් සභාවකින් ගෙනත් පත්කරපු ලේකම්තුමත් සුමානෙකට වැඩිය හිටියෙ නැතිලු. මේ විදියට ලේකම්ල අස්වෙලා යෑම නිසා ඇමැතිතුමාට ආණ්ඩුවෙ ලොකු ලොකු කන්තෝරුවලට ගිහිල්ලා “අනේ මට ලේකම් කෙනෙක් හොයල දෙන්න” කියල ආයාචනා කරන්න පටන් අරන් කියලා ආරංචියි...
ඉතින් දැන් හැමෝම බලනවා ඇති අමාත්‍යංශ ලේකම්කමක් වගේ හොඳ තනතුරකට එයාල අකමැති ඇයි කියලා.
පළවෙනි හේතුවලු මේ අමාත්‍යංශෙ වෙන වැඩ... දෙවැන්න ඇමැති තැන දෙන නියෝග පිළිපැද්දොත් තමන්ට කවදහරි උසාවි පොලිසි යන්න වේය කියල තියන බය.
ඒ හින්ද මේ අමාත්‍යංශෙට එන්න ලේකම්වරු මාර බයලු. ඇමැතිතැන පුත්තලම් විල්පත්තු පැත්තෙ කරන වැඩ අමාත්‍යංශෙ කරන්න ගියොත් එතෙන්ට ලේකම් කෙනෙක් හොයාගැනීම ලේසි නැහැ කියලයි තතුදත් අය කියන්නෙ.