2017 ජනවාරි 28 වන සෙනසුරාදා

පෑවිල්ලෙත් වතුර ගලනවලු

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 312

අලි පාටියෙ මන්තිරි කණ්ඩායමේ රැස්වීම ලොකු මහත්තයගෙ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. එතෙන්දී රජයේ ඉදිරි කටයුතු වලට පස්සෙ මැති ඇමැතිලගෙ ප්‍රශ්න වාරෙ ආවා.

ප්‍රශ්න වාරෙදි රසවත් වැඩක් සිද්ධ වුණා. කොළඹ දිසාවෙන් ආපු රහ-මෑන් කෙනෙක් හැටියට ප්‍රසිද්ධ මහත්තයෙක් තමන්ගෙ ආසනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවය කියලා කිව්වා..

ඊළඟට ප්‍රශ්නෙ මොකද්ද කියල ඉහළින් විමසුමට තමන් අහවල් වත්තෙ ඉස්කෝලෙට මුල්ගල තියල කාලයක් වෙනවා. ඒත් ඉතුරු වැඩට සල්ලි නැතුව මුල්ගල පැලවෙනව අත්තිවාරම කපාපු කාණුවල වතුර පිරිල මෝටර් දාල දිනපතා ඒව අදින්න සිද්ධ වෙලා කියල... කියාගෙන ගියා.

මේ කතාව උන්නැහේ කිව්වම මන්තිරි කණ්ඩායම මේ එහෙන් මෙහෙන් හිනා හඬක් මතු වුණා. ඒ අස්සෙ එක්තරා කටකාර මන්තිරි කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් රඟ-මෑන් තුමාගෙන් ඇහුවලු. 

“දැන් කාලෙකින් වැස්සෙ නැහැ. බොන්න වතුරත් හිඟයි. තද පෑවිල්ල. එහෙම කියද්දී ඔහේගේ අත්තිවාරමේ විතරක් මෝටරෙන් අදින තරම් වතුර ගලන්නෙ කොහොමද අප්පා”

මේක ඇහුව විතරයි හැමෝම හිනා වුණා. ප්‍රශ්න වාරේ ඊළඟ ප්‍රශ්නෙට යමු කියල මුලසුනෙන් කියවුණා.

 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00