ඒකාබද්දෙ කස්ටිය නුගේගොඩ සංවිධාන කරල තිබුණ රැස්වීමට ගොඩවෙන්න යනවය කියලා ආරංචි පැතිරුණ උප ඇමැති සයිස් දෙන්නකුට ආණ්ඩුව ලොකු දැලක් දැම්මලු...
එක් කෙනකුට කතා කරලා හදිසි ඇමෙරිකානු සංචාරයකට යන්න ලෑස්ති වෙන්න කිව්වා කියලත් කතාවක් ගියා.
පුත්තලම දිසාවෙ ආයතනයක් නියෝජනය කරන මුන්නැහේ පසුගිය කාලෙ පුරාම හිටියෙ කලකිරීමෙන්ලු.
කොහොමින් කොහොමහරි උන්නැහේ ගැන ලැබුණ ඔත්තුවක් නිසා කලබල වුණ ආණ්ඩුවෙ ලොකු ලොක්කො තානාපති අංශ හරහා වහාම අමෙරිකානු සංචාරය සූදානම් කළාලු.
මේ ගැන දැනුම් දෙන්න උන්නැහේට කතා කරපු ආණ්ඩුවෙ ඉහළම කෙනෙක් කිව්වලු. මේ සංචාරය සඳහා 26දා යන්න ලෑස්තිවෙන්න කියලත්... ඊට පස්සෙ උන්නැහේ ඒ ගැන ඒකාබද්දෙ කස්ටියක් දැනුවත් කළා කියල කියවෙනව.
එයාට අමතරව දකුණෙන් ඇවිත් විපක්ෂය පැත්තට කරණමක් ගහන්න යනවය කියන කෙනෙක් ගැනත් වගකිව යුතු අය ලොකු සොයා බැලීමක සිටියලු. කොහොම නමුත් ඒකාබද්දෙ අය කියන්නෙ වෙන්න තියන දේ වෙනව. ගෙවෙන ඕනම මොහොතක ඒ සුබ නැකත උදාවෙන්න පුළුවන් කියලයි.