මේ දවස්වල හුඟක් තැන්වල නිතරම නම කියැවෙන ආණ්ඩුවෙ උසස්ම නිලයක් දරන උන්නැහේ කෙනෙක් පහුගියදා තමන්ගෙ ඉතාම හිතවත් ව්‍යාපාරික භවතෙක් කැඳෙව්වා.
මේ ව්‍යාපාරික භවතා කොළඹ පිටකොටුව පැත්තෙ ලොකු ලොකු ව්‍යාපාර කරන කෙනෙක්. එයාගෙ ව්‍යාපාරවලට මේ ප්‍රබල රාජ්‍ය නිලධාරි තැනගෙන් සුළු සුළු උදව් පදව් අරගෙන තිබුණ නිසාත් ඉස්සරහටත් එයා ඕන වෙන හන්දත් ව්‍යාපාරික භවතා මේ ප්‍රබල රාජ්‍ය නිලධාරිතැන හම්බ වුණා... නිලධාරියෙක් කිව්වම මෙයා එක්තරා ප්‍රබල දෙපාර්තමේන්තුවක ලොක්කා...
කොහොම හරි ළඟදි දවසක හවස් කාලේ මේ දෙන්නා මුණගැහුණා බොහොම රහසිගතව... දෙන්නගෙ කතාව සතරකන් මන්ත්‍රණයක් කීවොත් නිවැරදියි...
කතාව යන අතරතුර මේ දෙපාර්තමේන්තු ලොක්කා තමන්ගෙ කලිසම් සාක්කුවෙන් එයාගෙ කේන්දර කොපිය අරන්ගෙන ව්‍යාපාරික භවතා අතේ... තියලා එයා ඉල්ලා හිටියෙ ඉන්දියාවෙ ඉන්න සුප්‍රකටම දෛවඥයා දෙන්නෙකුට (ඒ දෙදෙනාගේ නම් සඳහන් කරයි) මේ කේන්දරේ පෙන්නල තමන්ට රාජ යෝග තියනවද කියලා බලන්න කියලලු... කාටවත් නොකියා හොර රහසෙ මේ කටයුත්ත සීක්රට් විදියට කරලා දෙන්න කියලත් ඉල්ලලලු...
ව්‍යාපාරික භවතා වැඩේ භාරගත්තට උන්නැහේට ඒක ටිකක් අමාරැ වැඩක්. එයාට තියෙන ඉන්දීය සබඳතා අඩු නිසා ඒකට උදව් ගන්න මෙයා වතුකරේ ඉන්න ඉහළම පක්ෂ නායක මට්ටමේ ප්‍රබල දේශපාලන යාලුවෙකුට කතාව හොර රහසින් කියල උදව්වක් ඉල්ලුවලු...
වතුකර ලොක්කගෙන් ඊට උදව් ලැබුණලු... ඒ අනුව අපේ දෙපාර්තමේන්තු ලොක්කට රාජ යෝග තිබේද කියලා බලාගන්න දැන් දින ගැන ගැන ඉන්න බව ආරංචියි...
හැබැයි දැන් වැඩ සිද්ධවෙන විදියට රාජ යෝග කෙසේ වෙතත් දෙපාර්තමේන්තු ලොක්කට තව කොච්චර කල් ඔය රස්සාවවත් කරගෙන ඉන්න පුළුවන් ද කියල ප්‍රශ්නයක් මතුවෙලා කියල තතුදත් අය කියනවා... එයා තමන්ගෙ දෙපාර්තමේන්තුව එච්චරටම අප්සෙට් කරගෙනලු ඒ හින්ද මොන විදියට රාජ යෝග ලැබුවත් ගමන නම් ලේසී නැහැ කියලයි ආරංචි...