මේ දවස්වල කාකිසූට් කන්තෝරුවෙ ලොකු පුටුවක වාඩිවෙලා ඉන්න කෙනෙක් බෝධිපූජා පවත්වන්න පටන් අරන් කියල ආරංචියි...
උන්නැහේගෙ ඇඟට කඩාවැටෙන මරාලවලින් ගැලවෙන්න මේ පුදපූජා පවත්වන බවයි කියැවෙන්නෙ.
පසුගිය දවසක මුන්නැහේට විරුද්ධව ආණ්ඩුවෙ අයම දෝෂාරෝපණේ කරන්න ගත්ත. එදා එයාට හොඳටම මලපැනලා තමන්ගෙ ආයතනෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්වීමකට කැඳවපු මුන්නැහේ සිය දේශනය අතරෙ හස්ත මුද්‍රාවෙන් කරපු පෙන්නපු දේවල් ගැන ඒ මොහොතෙම ඉහළට කරුණු වාර්තා කරල තියෙන්නෙ කාකිසූට් දෙපාර්තමේන්තුවෙ ලජ්ජා බය තියෙන කාන්තා නිලධාරිනියන් පිරිසක්ලු.
මේ සේරම කතා පත්තුවෙන්න ගත්තම උන්නැහේ වහාම කැලණිය පැත්තෙ මහ පන්සලකට ගිහිල්ල බෝධිපූජා කරමින් පට්ටම රුකගන්න දෙවි දේවතාවුන්ගෙ පිහිට පතනවලු.