2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

නිදහසට කරුණු කියන්න වෙලාලු

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 478

මේ රටේ ප්‍රධාන පෙළේ රාජ්‍ය මූල්‍ය ආයතනයක ප්‍රාදේශීය ලොක්කො හදිස්සියෙම කොළඹට කැඳෙව්වලු... මේ කැඳවීම කළේ එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් කෙනෙක් කියලයි ආරංචි. උන්නැහේ නියෝජනේ කරන්නෙ ඈත දුෂ්කර පළාතක්... අලි පාටියෙ ඉහළ පට්ටමකුත් දරන එයා මූල්‍ය ආයතනෙ නිලධාරී කැඳෙව්වෙ තමන්ගෙ අමාත්‍යංශෙන් කරන එක්තරා කටයුත්තක් ගැන සාකච්ඡාවකටලු...

කොහොම හරි ඇමැති තැනගෙ බලය අනුව රාජ්‍ය මූල්‍ය ආයතනෙ නිලධාරී කොළඹට කැඳෙව්වදාම ඒ මූල්‍ය ආයතනෙ ලොක්කගෙ වුවමනාවකට ඔය නිලධාරි සේවය කරන දිස්ත්‍රික්කෙ ප්‍රධානියකුට කතා කළාලු. එතකොට උන්නැහේ සීට් එකේ හිටියෙ නැති නිසා ඒ ගැන විපරම් කරනකොට ඇමැතිගෙ වුවමනාවට එයා කොළඹ ගිහිල්ලය කියල දැනගත්ත...

තමන් නොදැන තමන්ගෙ ආයතනෙ නිලධාරීන් එක එක රැස්වීම්වලටය කියල කොළඹට කැඳවීම නිසා දැඩි කේන්තියට පත් මූල්‍ය ආයතනෙ ලොක්ක ඇමැතිගෙ නියෝගය අනුව අනවසරයෙන් කොළඹ ගිය සියලු දෙනාගෙන් නිදහසට කරැණු අහල නිසි දඬුවමක් දෙන්නලු යන්නෙ...

දැනටමත් ඒකට අවශ්‍ය ලියුම් සකස් කරල යවන්න පටන් අරන්ලු. ඒ නිසා ඇමැති නියෝගෙට කොළඹ ගිය නිලධාරී දැන් කසාය බීපු ගොලුවො වගේ ඉන්න බවයි ආරංචි...