පාඩු පිට යනවය කියන අපේ ගුවන් සේවෙ විකුණන්න පසුගිය කාලෙ පුරාම පිඹුරුපත් හැදුණා... මේක ඇත්තටම දෙන්නෙ කාටද කියන කතන්දරේදි තවමත් හරිහමන් කෙනෙක් තෝරාගන්න බැරි දේසපාලන කඹ ඇදිල්ලක් නිසා කියලයි තතු දත් අය කියන්නෙ. ටැණ්ඩරෙන් ඉහළම සුදුසුකම් ලැබූ සමාගම පැත්තක තියෙද්දි දෙවැනියට තුන්වැනියට ආපු සමාගම්වලට වැඩේ පංගාර්තු කොරන්න දෙතුන් දෙනෙක් ලොකු ට්රයි එක්ක දෙනවලු...
මාලදිවයින් කස්ටියත් එක්ක ලොකු පයිරුපාසානමක් ඇති කොළඹ දිසාවෙ අලි පාටියෙන් පත්වුණ තමන්ගෙ පට්ටම අහිමිවීමේ අනතුරකටත් මුහුණදීලා ඉන්න ඇමැති සයිස් පොරක් ගුවන් සේවෙ මාලේට දෙන්න ට්රයි කරනවලු...
ඒ අස්සෙ පසුගිය කාලෙ රටේ ලොකුම බැංකුවෙ මහ ආන්දෝලනයක් ඇතිකළ චරිතයක් ට්රම්ප් තුමාගෙ රටේ සමාගමකට මේක දීලා දාන්න හීන් නූල් අදිනවලු...
මේ හුටපටේ ගැන පැමිණිලි හැටහුටහමාරක් රටේ ලොකුම මහත්තයට ලැබිලලු. අන්තිමට ස්විප් එක වගේ ඒක ගැනත් අන්තිම තීන්දුව උන්නැහේට ගන්න වෙන සයිස් එකක්ලු දැන් තියෙන්නෙ.