ආණ්ඩුවෙ පුටු පාටියෙ ඉන්න එක්තරා ඇමැති කෙනෙක් පොලිස් මූල්‍ය පරීක්ෂණ අංසෙට දොස් කියන්න පටන් අරන්... ඒකෙ වැරදි ප්‍රසිද්ධියෙ කියන්න ගත්තම එකපාරටම මෙතුමා මේ විදියට පරලවුණේ ඇයි කියල ආණ්ඩුවෙ ඉහළම තැන්වලින් හොයන්න පටන් ගත්තලු. එතකොට තමයි ටික ටික කතාව එළියට එන්න පටන් ගත්තෙ...
මේ ඇමැති තැන ගිය ආණ්ඩුව කාලෙත් ඇමැති. ඒ කාලෙ උන්නැහේගෙ විෂය නිතරම දැවෙන පිච්චෙන එකක්... ඉතින් මේ විෂය භාර කාලෙ කරපු බිලියන ගණනක ගනුදෙනුවක් ගැන ඔය කියන පොලිස් කස්ටිය පරීක්ෂණේ පටන් ගත්තලු... ඒක ගැන මෙතුමාට හරිම අප්සෙට් කියලයි ආරංචි...
පහුගිය ලොකු තැනගෙ කාලෙ සන්ධානෙත් ලොකුම පට්ටමක් දරාපු මුන්නැහේ මේ ප්රශ්නය නිසා දැන් ඒකාබද්දෙට ප්‍රේම කරන්න පටන් අරන්ලු. පසුගියදා නුගේගොඩ තිබුණ ඒකාබද්දෙ රැස්වීම ගැනත් ආණ්ඩුවෙ ඉඳන්ම සතුට පළකරලා තිබුණා කියලා ආරංචියි...
කොළඹ පළාතෙන් කවුන්සිලේට ආපු කැටකෝට්ධාරී මෙතුමා දැන් විපක්ෂයත් එක්ක තියන ප්‍රේමය ජයගනීද කියල හුඟදෙනෙක් බලන් ඉන්නව.