2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

චාරිකාවක්

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 511

පසුගිය දවසක ඩුබායි ඉඳලා ලංකාවට එන ප්ලේන් එකකට තරුණ ඇමැති සයිස් මහත්තයෙක් නැග්ගා...

ඔන්න ඊට සුළු මොහොතකට පස්සෙ තවත් සුන්දර ළඳකුත් ඒ ප්ලේන් එකටම නැග්ගා... එයා පළාත් බබෙක්... කොළඹ කිට්ටුව ආසනේකටයි වගකියන්නෙ...

ඇමැතිතුමා නවසීලන්තෙ පැත්තෙ කරපු නිල ගමනක් ඉවර කරල එන ගමනුයි ඩුබායිවලට ඇවිත් තිබුණෙ...
එයා එන දවස වෙනකොට පළාත් නෝනත් ඩුබායි පැත්තෙ හිටියලු...

ඊට දවස් ගණනකට පස්සෙ තමයි මේ කියන ගුවන් ගමන සිද්ධවෙලා තියෙන්නෙ. කොහොමින් කොහොම හරි ගුවන් යානයෙ ආසන දෙකක දෙපැත්ත බලාගෙන මේ දෙන්නා කොළඹට ආව...

ගුවන් තොටුපොළට එනකොට මලක් වගේ ඉන්න මේ නෝනා පිළිගන්න එතුමියගෙ හිටපු ඇමැති තාත්තගෙ කස්ටිය ඇවිත් ඉඳල තියනවා... එයාලත් එක්ක නෝනා ගෙදර ආව... ඇමැතිතුමා කෙළින්ම ඌව පළාතට යන්න ගියාලු.
කවුරැත් මේ කතාව ගැන අහිතක් හිතන්න ඕන නැහැ. අපි කිව්වෙ දුටු දේ පමණයි.

 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00