යාපනයේ බයිස්කෝප් උත්සවයක් කරන්න වැඩක් ලෑස්ති කළාලු කොළඹ කට්ටිය. මේක සිංහල දෙමළ තරුණ බයිස්කෝප්කාරයෝ කරන වැඩක්ලු. හැමපාරමත් කරලා. මේ පාරත් කරන්න කට්ටිය ලෑස්ති කරාලු. මෙන්න කවදාවත් නැතුව යාපනේ සරසවියෙන් මේකට බාල්දියක් පෙරළුවලු. කරන්න දෙන්න බෑම කියනවලු. හැමෝටම ප්‍රශ්නයක්ලු ඇයි මෙහෙම කියලා.
පස්සේ හොයාගෙන හොයාගෙන යනකොට තමයිලු මේකේ හොරා අහුවුණේ. උතුරේ මහ මැති පුටුවලු වැඩේ ඉන්නේ. එයා තරැණ ඈයෝ කුලප්පු කරලා වැඩේ කරන්න දෙන්න එපා කියලා. සිංහල ඈයෝවත් සිනමාවවත් ඕනේ නෑ කියලා. මේ නිසා දැන් වැඩේ කරන්න දෙන්නේ නෑලු. මෙයා තව දවස් ටිකකින් එළියට බහිනවලු වැඩේට විරැද්ධව. හැබැයි මේ වැඩේ එයාලගේ පක්ෂයේ ඈයෝ දන්නෙවත් නෑලු. දැන් පක්ෂයේ අයටත් මේක ආරංචි වෙලා යකා වැහිලලු ඉන්නේ.