ළඟදී විසිරෙන එක්තරා පළාත් සභාවක ආණ්ඩුකාර මට්ටමේ කෙනෙක් ළඟදි රට සංචාරෙකට ගියා... උන්නැහේ ගියේ යුරෝපෙ පැත්තෙ රටකට... භාෂා දෙක තුනක් හොඳින් කතා කරන උන්නැහේ ඒ රටේදි ඩයස්පෝරා කස්ටිය අමතා කතාවක් කළාලු....
මේ කතාවෙදි උන්නැහේ ළඟදි විසිරෙන පළාත් සභාව ගැන අනාවැකියක් පළකරලා... මේ අනාවැකියෙ හැටියට විසිරෙන පළාත් සභාවෙ බලය එයා අතට ආවම අවුරැද්දත් එයාට ඒ බලතල ලැබෙන බවයි කියැවුණේ.
මේකෙන් වක්රව අදහස් වෙන්නෙ පළාත් සභා ඡන්දෙ තවත් අවුරුද්දක් කල් යන බවලු...
මේ කතාව යුරෝපෙදි දෙමළ ඩයස්පෝරාව හමුවේ දෙමළ භාෂාවෙන් කරපු ආණ්ඩුකාර උන්නැහේ තමන්ගෙ පළාතෙ සංවර්ධන වැඩවලට ආයෝජනේ කරන්න ඒ අවුරුද්ද තුළ කැමැති කෙනෙකුට එන්න කියලත් ආරාධනා කරලා....
කොහොම හරි මේ කතාව දැනගත්ත සමහර පළාත් සභා කස්ටිය කොරේ පිටට - මරේ කියමින් දුක්වෙනවා කියලා ආරංචියි.