2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

බයවෙන්න එපා මම බලාගන්නම්

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 593

දැන් උණුවතුරට වැටිලා ඉන්න කාකිසූට් දෙපාර්තමේන්තුවෙ ලොකු තැන බේරගන්න අලුතෙන්ම පෙරට ඇවිත් තියෙන්නෙ හිමිනමක්ලු. නුග ගස් ගොඩක් තියෙන පැත්තක ආරාමයක් හදාගෙන ඉන්න මේ හිමිනම ආණ්ඩුවෙ බොහෝ කටයුතුවලට දායක වන බව ප්‍රසිද්ධයි.

ඉතින් ඒ හිමියන් සහ කාකිසූට් දෙපාර්තමේන්තුවෙ ලොකු තැන අතර සමීප යාළුකමක් තිබෙන බව තතු දත් ආරංචි මාර්ග කියනවා. ඒ මිත්‍රකම බොහෝම දුරදිග ගිය එකක්...

ඉතින් කාකිසූට් ලොක්ක බැරිම තැන තමන්ගෙ ප්‍රශ්නෙ මේ හිමිනමට කිව්වලු... කතාවට සවන් දුන්න ඒ හිමියෝ කාකිසූට් ලොක්කට පොරොන්දු වුණේ බය නැතුව ඉන්න මම ඔබව බලාගන්නම් කියලලු...

මීට කලින් කොළඹ පැත්තෙ හිටපු කැබිනට් සයිස් මිත්‍රයකුගෙ පට්ටම ගැලවෙන්න යද්දිත් බයවෙන්න එපා සේරම මම බලාගන්නම් කියලා මේ හිමියන් පොරොන්දුවෙලා හිටියලු... ඒත් ඒ දේශපාලුතුමාගෙ පට්ටම ගැලවිලාම ගියා... මේ පොරොන්දුවටත් ඒ වගේ ඉරණමක් අත්වේද කියලයි තතු දත් අය දැන් බලාගෙන ඉන්නෙ. 

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00