2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ඉල්ලන් කෑමක්

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 574

ආණ්ඩුවේ ඉහළ තැන්වලට චාමර සලන ඈත පළාතක් බාරව ඉන්න එක්තරා ලොකු ඇමැති කෙනෙක් පසුගියදා හදිසියෙම රටේ ලොකු මහත්තයට දුරකතනයෙන් කතා කළාලු.

උන්නැහේ වාර ගණනාවක් ට්‍රයි කරලා අමාරුවෙන් ලොකු මහත්තයට කතා කළේ තමන්ගෙ පළාතෙ ඇමැති සගයකුගෙ ප්‍රශ්නයක් ගැන කියන්නයි...

ඉස්සර වතුකරේට රජුන් තැනූ පවුලෙ කෙනෙක් උන්නැහේගෙ සභාවෙ පාලක මණ්ඩලේ ඉන්නව... ඉතින් එයාගෙ තාත්ත පසුගිය දවස්වල එක්තරා කේස් එකකට මාට්ටුවෙලා දැන් ඉන්නෙ වැලිකඩ තියන ආණ්ඩුවෙ බෝඩිමේ. ඉතින් ඇමැති පියාට සහනයක් සලසාගන්නයි ලොකු මහත්තයා ඇමතුවෙ...

බරපතළ කේස් එකකට කොටුවෙලා වැලිකඩ ඉන්න පොරක් වෙනුවෙන් කතා කරන මේ පළාත් ලොක්කගෙ ඉල්ලීම කනවැටුණු ගමන් රටේ ලොකු මහත්තයට මාරෙට කේන්ති ගියා... ඊටපස්සෙ පළාත් ලොක්කට ටෙලිෆෝනයෙන් සබ්බුව හම්බවුණා. රටේ තියෙන ජරා කුණුගොඩවල් මගේ ඇඟේ උලන්න එන්න එපා... අයිසේ. අපට තියෙන ප්‍රශ්න හොඳටම ඇති... තමුන් වහාම තමන්ගෙ වැඩක් බලාගන්න කියල ලොකු මහත්තය ගෝරණාඩු කළාම ටෙලිෆෝන් එකෙන් හොඳට කාපු පළාත් ලොක්ක වෙවුල වෙවුල ටෙලිෆෝන් එක තිබ්බලු.