උඩරට පළාතෙ බලවත්ව ක්රියාත්මක වෙන එක්තරා පාටියක ලොක්කන්ගෙ ලොකු සාදයක් තිබුණා. නිතර කළු ඇඳුම් අඳින පාටි ලොක්කත් උන්නැහේගෙ පුත්ර රත්නයත් තවත් ජ්යෙෂ්ඨයොත් මේ පාටියට ආවා.
සැර මධුවිතෙන් සමන්විත වුණ පාටිය නැගලා යද්දි තාත්තලා පුතාල කස්ටියම බඹර පදමත් ඉක්මවා ගන්න සූර් වෙලාලු හිටියෙ.... ඉතින් මේ උඩරට දේශපාලන මෑන්ලගෙ පාටිය නැගලා යද්දි සිදුවුණ එක්තරා සිදුවීමකදී පාටියෙ ලොක්කගෙ පුතාට හදිසි අනතුරක් වෙලා අතට ලොකු ඩැමේජ් එකත් සිද්ධ වුණා...
ඊටපස්සෙ වහාම මේ පුත්රය රෝහල් ගත කරලා උන්නැහේට ඕන කරන බෙහෙත් පිටින් ගේන්න කිව්වලු. පිටින් ගේන්න කිව්ව බෙහෙත්වලට විශාල මුදලක් යන බවත් රෝහලෙන් දැන්නුවා.
ලක්ෂ ගණනක් වියදම් කරල පාටි දාපු මෑන්ගෙ අතේ ඒ වෙලාවෙ මුදල් තිබුණෙ නැහැ කියලයි ආරංචි. ඊට පස්සෙ එයාගෙ දේශපාලන පක්ෂ සගයෙකුට නියෝගයක් ලැබුණ පක්ෂයෙ සල්ලි දාල බේත් ගේන්න කියල. ඒ පාර පක්ෂයෙ සල්ලි කීයද කියල බලනකොට පක්ෂ ගිණුමෙත් සල්ලි නැතිලු. ඒකත් හිඳිලලු....
දියවන්නා කවුන්සිලේ මැම්බර්ල ගණනාවක් ඉන්න පක්ෂය හිඳිල තිබීම ගැන පාටියෙ මැති ඇමැතිගොල්ල පුදුමෙන් පුදුමෙට පත්වුණා කියල ආරංචියි. කොහොම හරි ඊළඟට වෙන ක්රමයකට ලෙඩාට බේත් ගෙනාව කියල තතු දත් අය කියනවා.