පසුගිය දවසක ආණ්ඩුවෙ කටකාර ඇමැති කෙනෙක් රාජකාරි වැඩකට ඔස්ට්‍රියාවට ගියා. මොණරුන්ට ප්‍රසිද්ධ පළාතකින් දියවන්නා කවුන්සිලේට පත්වුණ මුන්නැහේ කටකාරයෙක් වගේම තමන්ගේ අම්මා අප්පොච්චි ගැන වුණත් ඇත්ත කියන පොරක් හැටියට ප්‍රසිද්ධයි.
දවසක දෙකක සම්මන්ත්‍රණයකට ඔස්ට්‍රියා ගිය මුන්නැහේ එහේ ගිය වෙලේ ඉඳන් ට්‍රයි කළේ ඒ කිට්ටුව තියන ස්විස් රටට යන්නලු... එතන කරන්න හරිහමන් රාජකාරියක් නොතිබුණත් මුන්නැහේ ස්විස් රටට ගිහිල්ලා තරු පංතියේ හෝටලේක කාරිය කළේ තමන් දන්න කියන කෙනෙකුත් එක්ක ඔරලෝසු කඩ ගානේ ඇවිදීමලු....
ස්විස් රෝලැක්ස් ඔරලෝසුවක් ඒ රටෙන්ම ගන්න තිබුණ හීනෙ හැබැ කරගන්නයි නිල ගමනේ කෑල්ලක් ස්විස් රට පැත්තට හැරෙව්වේ....
කොහොමින් කොහොමහරි දවසක් විතර ඔරලෝසු කඩ ගානේ කරක් ගහපු මුන්නැහේ අන්තිමට වටිනා කියන ඔරලෝසුවක් මිලට ගත්තලු. හැබැයි ඒකෙ වටිනාකමනම් අහන්න එපා. ඒවා දේව රහස්.