අත පාටියේ කවුන්සිලේට ආපු 23 දෙනාගෙ කණ්ඩායමේ තුන් දෙනෙක් ඉන්නෙ මාර අප්සෙට් එකේලු.
මේ තුන්දෙනාම දැන් කිසිම සද්ද බද්දයක් නැතුව කටුව ඇතුළෙම හැංගිලා ඉන්නෙ තියන කලකිරීමට කියලයි ආරංචි.
මෙයින් එක්කෙනෙක් රජරටලු. අනෙකා ගම්පහ පැත්තෙලු. ඊළඟ එක්කෙනා ඌවෙ අලින්ට ප්රසිද්ධ පැත්තකින් ආපු කෙනෙක් කියලයි කියැවෙන්නේ.
රජරට එක්කෙනා මුළු රජරට දිසාවටම නායක වෙච්ච තමන්ගෙ පාටියෙ ලොකු පට්ටමක් දරන උන්නැහේ කෙනෙක්. ගම්පහ එක්කෙනා දේශපාලනේ අලගිය මුලගිය තැන් හොඳට දන්න පොරක්...
ඌවෙ උන්නැහේ කලක් කොළ පාට වෙනුවෙන් පෙනී සිටලා දැන් නිල් පාටට හැරිච්ච දේශපාලන සෙනෙවියෙක් කියලා තතු දත් අය කියනවා..
මේ තුන් දෙනාගෙ කනස්සල්ල කලකිරීම නිසා සමහරෙක් කරණම් ගහන්න ඉඩ තිබෙනවලු. තවත් කෙනෙක් දේශපාලනේට ආයිබෝවන් කියන්නත් පුළුවන් බවයි ආරංචි...