මේ දවස්වල හැම නායකයටම නිතර එකම එක්කෙනෙක්ගෙන් ඇමතුමක් ලැබෙනවලු. ඒ කටකාර දේශපාලන පෙරළි කරපු ස්වාමීන් වහන්සේ නමකගෙන්ලු. උන්වහන්සේ කතා කරලා හැම නායකයගෙම ගුණදොස් අහලා මාතෘකාවකට බහිනවලු. ඒ පාර්ලිමේන්තුව විසුරුවන්න කියන මාතෘකාවටලු.
උන්වහන්සේ කියන්නේ කට්ටිය එකතුවෙලා කොහොම හරි මේ වැඩේ කරමු කියලලු. මේකට හැම නායකයම කැමැත්ත දීල තිබ්බත් උන්නාන්සේගේ අතීතයේ දේශපාලන ක්රියාදාමයන් සහ වර්තමානයේ දේශපාලන හැසිරීමත් නිසා ගොඩක් නායකයන් පිටිපස්සේ ඉන්න දෙවැනියෝ මේ වැඩේට බාල්දිය පෙරළනවලු. විශේෂයෙන් අලිපාටියේ කට්ටිය කැමතිම නැතිලු. මොකද මෙයා හදන්නේ ආයිත් පොදු කෙනෙක් ගේන්න කියලා හැමෝම සැක කරනවලු. ඒ නිසා දැන් උන්වහන්සේ එන පාරක මඟකවත් සමහර මන්තිරිවරැ ඉන්නේ නෑලු. ඒ පාර්ලිමේන්තුව විසුරැවා හරින වැඩේට උදව් ඉල්ලන නිසාලු. මේ හින්ද උන්වහන්සේ ඈතින් දැක්කත් පාර වෙනස් කරන අය ගොඩයිලු.