සමහර වෙලාවට ගොවි ජනතාවට කරුමයක් වුණු කෘෂිකරුමෙ නග්ගන්න ලොකු උත්සවයක් කොළඹ ලොකුම ලොකු සම්මන්ත්රණ ශාලාවක තියන්න පසුගිය දවස්වල එක්තරා ඇමැති කෙනෙක් ප්ලෑන් කළා...
ප්ලෑන් කළා විතරක් නෙමේ ඒකට ඕන කරන සල්ලිත් ආණ්ඩු පෙරළියට කලින් පාස් කරගත්තා... ඊළඟට උත්සවේ සංවිධානෙ කළා... ඒක තියෙන්නෙ හරියටම දවස් දෙකයි. අපට ආරංචි හැටියට මේ දවස් දෙකට උත්සවේ කරන්න යන වියදම රුපියල්වලින් කෝටි 12කට කිට්ටුය කියල එතන බලවත් නිලධාරිම කියනවා... ඒ කියන විදියට එක දවසකට කෝටි 6ක් විතර වියදං කරල කරන්න ප්ලෑන් කරපු මේ වැඩෙන් ගොවි ජනතාවට තියෙන පොරෝජනේ ගැන ඇහුවම නිලධාරිත් හූල්ලන බවයි ආරංචි...
කොහොම හරි මේ වැඩෙත් අර කෘෂිකරුමෙට කුලියට ගන්න බිල්ඩිම වගේ වැඩක් කියල තතු දත් අය කියනව...
මේ මුදල හරිහමන් වැඩකට වියදං කරනව නම් ඒකෙන් ගොවි ගම්මානයක් හරි ලොකු වැවක් හරි හදන්න පුළුවන් බවත් නිලධාරි පෙන්වලා දෙනවා...