අලිපාටියෙ ලොකු පට්ටමක් දරණ කොළඹ පළාතෙ ලොක්කෙක් පසුගියදාක වතුකර දේශපාලන ලොක්කෙක් හම්බුවෙන්න ගියා... කොළඹ 7 ලොකුම පාසලක එක පන්තියෙ හිටපු මේ දෙන්න කලක පටන් යාළුවො. ඒත් වතුකර දේශපාලන මෑන් දැන් ඉන්නෙ පොහොට්ටු කස්ටිය එක්කයි...
කොහොම හරි කොළඹ හිරq වගේ පෙනී සිටින අලිපාටි ලොක්ක වතුකර මෑන් මුණගැහිල අලිපාටි සන්ධානෙට එන්න ආරාධනා කළා... ආවොත් ඇමැති වාසනාවක් උදාවෙන බව කියලා...
මේ ආරාධනාව කළ බවට තිරය පිටුපස ආරංචි පැතිර යනකොට වතුකර මෑන් එක්ක ලොකු දේශපාලන කෝන්තරයක් නිසා දැන් අලිපාටිය එක්ක ඉන්න වතුකරේ %දිගා^ට එක මලක් නොවේ මල් හතක්ම පැන්නලු...
ඊළඟට අලිපාටියෙ ලොකු ලොක්කො හම්බුවෙලා වතුකර මෑන්ලගෙ පක්ෂය අලිපාටි සන්ධානෙට ගන්නව නම් තමන්ගෙ මන්තිරි 06 දෙනා ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්නැයි කියමින් තර්ජනයක් දැම්මලු.
ඒ අස්සෙ වතුකර මෑන් තමන්ගෙ පුත්‍රයට ඊළඟ ඡන්දෙදි ජාතික ලැයිස්තු මන්තිරි පට්ටමකුත් ඉල්ලල කරදර කරන්න අරන්...
කොහොම කොහොම හරි මේ ආරවුල් තත්ත්වය අලිපාටියෙ ලොකු තැනට රපෝර්තු වුණාම එයා මේ කපුකම කතා කළ කොළඹ දේශපාලන ලොක්කට හොඳටම දෙහි කැපුවලු. එච්චර විතරක් නෙවේ වතුකර මෑන් සමඟ කතා කිරීමත් තහනම් කළා කියලයි ආරංචි.