මේ කතාව ආරංචි වුණේ රටේ ඉහළම කන්තෝරුවකින්. පසුගිය ඔක්තෝබරේ රටේ දෙවැනි පුටුවෙන් අලිපාටියෙ ලොකු මහත්තය අයින් කරල මහින්ද උන්නැහේ වාඩි කරවන්න කලින් මේ තනතුර බාරගන්න එනවය කියල වෙන කෙනෙක් පොරොන්දුවෙලා හිටියලු...
මේ කියන උන්නැහෙත් රටේ එක්තරා දේශපාලන පාටියක සෑහෙන මට්ටමේ පොරක් කිව්වොත් හරි... කොටින්ම කිව්වොත් මේ කියන උන්නැහේගෙ පවුලෙ කෙනෙක් ඒකට නැකත් පවා බලලා.. ඒ නැකැත් රටේ ලොකු මහත්තය අතටත් පත්කරල අදාළ උන්නැහේ වෙලාවට දිවුරැම දෙන්න එනවය කියල සපථ කරලලු හිටියෙ...
රටේ ලොකු මහත්තයට අමතරව මේ රහස දැනගෙන හිටියෙ දිවුරුම් දෙන්න එනවය කියලා පොරොන්දු වුණු දේශපාලුතුමාගෙ පවුලෙ සමීපතම දෙන්නෙක් විතරක් බවත් ආරංචියි...
කොහොම හරි ලියුං කියුං පවා ලෑස්ති කරල රටේ ලොකු තැන මේ කටයුත්තට ලෑස්තිවෙලා හිටියත් රටේ දෙවැනි පුටුව බාරගන්න එනවය කියල පොරොන්දුවෙලා හිටපු ලොක්කා අන්තිම මොහොතේ තමන්ගෙ තීන්දුව වෙනස් කරලා.. පවුලෙ අයවත් දැනුවත් නොකර ටික වෙලාවක් අතුරුදන් වෙලා හිටියලු.
ඊයෙ පෙරේදා මේ කතාව එළියට පැන්නෙ රටේ ඉහළම තැනකින්ලු... ඒක කියල තියෙන්නෙ එක්තරා දේශපාලන සාකච්ඡාවකට සහභාගිවෙන්න ඉහළම කන්තෝරුවට පැමිණි දේශපාලන නායකයකුටයි.දැන් ඔබ හැමෝම බලන්නෙ කවුද අගමැති පුටුව බාරගන්න එනවය කියල පොල්ල තිබ්බ කෙනා කියලයි... ඒ නම නම් මෙතන සඳහන් කරන්න අමාරුයි. ඒත් වැඩේ ඇත්ත. පුළුවන් නම් මේ දේශපාලන තේරවිල්ල තෝරල හරි කෙනා සොයාගන්න...
එයා ගැන පොඩි ඉඟියක් දුන්නොත් එයා කටකාරයෙක් වගේම වැඩකාරයෙක් හැටියටත් ප්රසිද්ධයි. නියෝජනේ කරන්නෙ ඈත පළාතක්... තවත් සුවිශේෂ කාරණයක් වන්නේ මෙයා කිසිම දවසක ජාතික ප්රශ්න ගැන කතා නොකිරීමලු... ඉතින් ඊට වඩා මෙයා ගැන යමක් කියන්න අමාරුයි වගේ...